Tuesday, June 25, 2019

අනුර නොදන්නා කරු දන්නා තම කාර්ය භාරය .




පසුගිය 25 වනදා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ, දැන් රට පාලනය කරන්නේ කතානායකතුමා බවත් එතුමා තමාගේ කාර්‍යය හරිහැටි නොදන්නා බවත්‍ ය. අනුර ප්‍රියදර්ශනලා විසින් දින 52 ක් තිස්සේ නැටූ නාඩගම හමුවේ අස්ථාවර වූ රට නැවත යතා තත්වයට ගෙන ආවේ කතානායකතුමා බව ඔවුන්ට අමතක වීම සාධාරණය, ඒ එම තීන්දු තීරණ අනුර ප්‍රියදර්ශනලාගේ තක්කඩි අපේක්ෂා බොඳ කල නිසාය .

ශ්‍රී ලංකාවේ බිහිවූ කතානායක වරු අතරින් ඉතාමත්ම ස්වාධීන සහ අපක්ෂපාතීම කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා හඳුන්වා දීම ඉතා නිවැරදිය . තම වාසිය උදෙසා මෛත්‍රී , මහින්ද දෙලොවේ අතරමංව සිටින අනුර ප්‍රියදර්ශනලා අනුන්ගේ කාර්‍යයන් සෙවීමට පෙර තමන් දරන දේශපාලන ස්ථාවරවය කුමකදැයි ජනතාව ඉදිරියේ හෙලිකීරීමට කොන්දක් තිබිය යුතු බව අපගේ මතයයි .

No comments:

Post a Comment