Tuesday, June 25, 2019

ඩීල් දේශපාලනයට ඇති එකම අභියෝගය කරු ද ?






ශ්‍රී ලාංකික දේශපාලන පොරපිටිය මේ වන විට ජනාධිපතිවරණයක හෝඩුවාවකින් උණුසුම් වෙමින් පවතී . පක්ෂ විපක්ෂ කණ්ඩායම් සියල්ලම මේ වන විට තම පිල් ශක්තිමත් කරමින්  අපේක්ෂකයන් තෝරමින් සිටින බව තතු දත්තේ පවසති . ඒ අතරින් පොහොට්ටු පිලේ රාජපක්ෂ සහෝදරයන් එකිනෙකා කාකොටා ගන්නා ස්වභාවයක්  ද , සියුම් ලෙස පවතින තත්වය විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි . එසේම ජනපති සිරිසේන දෙලොවක් අතර අතරමං වී ඇති බව ඉතා පැහැදිලිය . සියල්ල මෙසේ සිදුවද්දී එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස වඩාත් ඉහලින්ම සුදුසුකම් සපුරා සිටින්නේ කරු ජයසූරිය මහතා බව පෙනීයයි . මේ අතර විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් කරු ජයසූරිය ඉලක්ක කරගෙන ඉතා සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක නිරතව සිටින බවක් පැහැදිලිව පෙනී යයි . 

මේ හොර දේශපාලකයන් කරුට මෙතරම් බය ඇයි ?

කරු ජයසූරිය යනු ඉතා ඍජු තීරණ ගතහැකි , එඩිතර, කලයුතුදේ කරන , රටට ආදරය කරන පැහැදිලි දැක්මක් සහිත නායකයෙකු බව මෙම ලිපිය කියවන ඔබට වඩා දේශපාලන ප්‍රවාහය තුල සිටින පුද්ගලයන් හොඳින් දන්නා කරුනකි . කරු ජයසූරිය මහතා රටේ නායකත්වයට පත්වුවහොත් මේ හොර තක්කඩින් සැමදා කරන ඩීල් දේශපාලනය අවසන් වනු ඇත .  පැහැදිලිව කියතොත් විපක්ෂයේ සිටින බහුතරයක් හරක් හොරුන්, කසිප්පු කාරයින්, කෝච්චි වල මාල කැඩූ තක්කඩින්, දේශපාලනයෙන් මුදල් ඉපයූ හිඟන්නන් සහ කුඩ්ඩන්ගේ ඩීල් දේශපාලනය කරු ජයසූරියගේ ආගමනයත් සමග නිමා වීමට නියමිත බව මේ තක්කඩින්ට මේ වනවිට ඉව වැටී ඇත . එම නිසා ඔවුන් මේ වනවිට කතානායක කරු ජයසූරිය ඉලක්ක කරගත් ඉතා සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක නිරතවෙමින් සිටිති . 

නමුත් මේ ජරාජීර්ණ වූ ඩීල් දේශපාලනය අවසන් කිරීමට කාලය දැන් පැමිණ ඇත . එහි නායකත්වය ගැනීමට ඉදිරිපත් වීම කරු ජයසූරිය මහතාගෙන් ඉටුවිය යුතු ජාතික වගකීමක් බව මෙසේ සිහිපත් කරමු .

No comments:

Post a Comment